1080 සේවක සේවිකාවො වැඩ කරපු පාදුක්ක මීපේ හයිඩ්‍රාමිනී ගාමන්ට් ෆැක්ට්‍රි එක වසයි ?

1080 සේවක සේවිකාවො වැඩ කරපු පාදුක්ක මීපේ හයිඩ්‍රාමිනී ගාමන්ට් ෆැක්ට්‍රි එක හෙට දින වසා දමනවාලු.. මේ දිනපතා රටපුරා එකින් එක වසා දැමෙන නිශ්පාදන මධ්‍යස්ථාන වලින් එකක් පමණයි.. හයිඩ්‍රාමිනී ගෲප් එක ලංකාවේ තිබුණු ප්‍රධාන සමාගම් ජාලයක් මම දන්න තරමින්..

විරැකියාව වැඩි වෙනවා.. අපනයන ආදායම් නැති වෙනවා.. එක ගලයි ලොකු කුරුල්ලෝ දෙන්නයි..

ඊට අමතරව ලංකාවේ තියෙන අනිත් ප්‍රධාන ඇඟලුම් සමාගම් ඒවාට ලැබෙන ඇනවුම් පවා ඔවුන්ගේ බංග්ලාදේශ හෝ වෙනත් රටවල ඇති කම්හල් වෙත යොමු කරමින් ඉන්නවා කියලා කියනවා..

ලෝකය පුරා ආර්ථික අර්බුද එක්ක ඇගලුම් වගේ නිෂ්පාදනවල ඉල්ලුම අඩු වෙන අතරේ ඒ තත්වයන් නොසලකා තඩි අපනයන බද්දක් ගහන රටක ඉරණම මීට වඩා වෙනස් වෙන්න හේතුවක් නෑ..

අධික බදු නිසා අරක්කු බිස්නස් එක අඩු වෙන එක දියවන්නාවෙ බාර් හිමිකරුවන්ගෙ සංසදයට දැනුනට අනිත් කර්මාන්ත බිඳ වැටීම් එයාලට එහෙම පහසුවෙන් දැනෙන්නේ නෑ..

Copied.
ඒ වගේ තත්වයක ලංකාවේ ෆ්ලෑග් නැව්වලට පඩියට බදු ගැසීම නිසා ලංකාවේ ෆ්ලෑග් එකම විනාශ වෙලා ඒ එන විදේශ ආදායම් පවා නැති වෙනවා කියලා කොහේ දැනෙනවද ඉතිං.. දැන් කට්ටිය පුරාජේරු ගහන්නෙ අපිට ඩොලර් වැඩිත් එක්ක ගානට..

ඔහොම යමං කියලා තමයි කියන්න තියෙන්නේ..

විශ්ව චින්තන✍️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *